fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ජනපති-අගමැති යන්නේ නැත්නම් හැමෝම විරෝධතා දැඩි කරමු" - විශේෂඥ වෛද්‍යවරු

    “ජනපති-අගමැති යන්නේ නැත්නම් හැමෝම විරෝධතා දැඩි කරමු” – විශේෂඥ වෛද්‍යවරු

    සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවී​ම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් නොවන්නේ නම් වෘත්තිකයන්, දේශපාලන සංවිධාන ඇතුළු සියලු ජනතාව එක්ව සාමකාමී විරෝධතා දැඩි කිරීමට එක්වන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

    ඉන්ධන ​හෝ වෙනත් අවශ්‍ය භාණ්ඩයක් හිඟ අවස්ථාවකදී සියලුම දෙනාට යම් සාධාරණ ක්‍රමවේදයක් යටතේ එය ලබා ගැනීමට අවශ්‍ය විධිමත් පියවර ගත යුතු බවත්, එය ජනතාව බෙදා ඔවුන් අතර ගැටුම් ඇති කිරීම සඳහා ආයුධයක් කර නොගත යුතු බවයි එම සංගමය පෙන්වා දේ.

    නව ආරම්භයක් සහතික කිරීම මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී සියලුම පුරවැසියන්ගේ ප්‍රමුඛතාවය විය යුතු බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.