fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිරුණිකා ඇතුළු 09ක් අත්අඩංගුවට

    හිරුණිකා ඇතුළු 09ක් අත්අඩංගුවට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙක් කොටුව පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

    ඒ ඔවුන් ජනාධිපති මන්දිරය ආසන්නයේ ඔරලෝසු කනුව ළඟට පැමිණ විරෝධතාවයක නිරතව සිටියදීය.

    අත්අඩංගුවටගත් අය අතර හිරුණිකා ප්‍රේ්මචන්ද්‍ර මහත්මිය සමඟ කාන්තාවන් 05 දෙනෙක්ද පිරිමි පුද්ගලයින් 04 දෙනෙක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.