තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජීවන වියදම් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළිත්

    ජීවන වියදම් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළිත්

    ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

    එමෙන්ම, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහාය වීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුවරයාගේ සභාපතිත්වයෙන් අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව පත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

    ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීමට ජිවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනය කෙරේ.

    ජිවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සංයුතිය පහත සඳහන් පරිදි වනු ඇත.

    • ජනාධිපති- ( සභාපති )
    • අග්‍රාමාත්‍යවරයා
    • ධීවර අමාත්‍යවරයා
    • ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා
    • කෘෂිකර්ම අමාත්‍යවරයා
    • වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
    • විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා
    • වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතකා අමාත්‍යවරයා
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img