ලබන අගෝස්තු මාසයේ සිට මෙරටට සාමාන්‍ය පරිදි ඖෂධ ලැබීම ආරම්භ වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
එබැවින් ඉදිරි මාස දෙකක කාලය බොහොම ප්‍රවේසම් විය යුතු බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම ඖෂධ හිඟය හේතුවෙන් නිවෙස්වල සුරතලයට ඇතිකරනු ලබන සතුන්ගෙන් සිදුවන හානිය අවම කරගැනීමට කටයුතු කරන මෙන් හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නිසිපරිදි ඖෂධ ලැබෙනතුරු ධානපතියන් මාර්ගයෙන් ඖෂධ ලබාගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.