යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද(03) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණ.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී නව හමුදාපතිවරයාට සිය ධුරයේ කටයුතු නිසි ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ.
මෙම හමුව අවසානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අතර සමරු සිහිවටන හුවමාරු කෙරිණි.
