fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නුවර-ගාල්ල නව අන්තර් නගර දුම්රිය ගමන් වාර ඇරඹේ

    නුවර-ගාල්ල නව අන්තර් නගර දුම්රිය ගමන් වාර ඇරඹේ

    නුවර සිට ගාල්ල දක්වා නව අන්තර් නගර දුම්රිය ගමන් වාර ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

    එමෙන්ම අනෙකුත් ගමනාන්ත කරා ධාවනය වන අමතර දුම්රිය ගමන්වාර සහ දුම්රිය මැදිරි සංඛ්‍යාව කඩිනමින් වැඩි කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

    බස් ගාස්තු ඉහළ යාමත් සමග දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ එම පියවර ගන්නා බවයි සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

    ඒ සඳහා අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබුණු බව ද හෙතෙම සඳහන් කළේය.

    එමෙන්ම ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 15 ක පමණ පාඩුවක් ලබන බව ත් ඒ අනුව වියදම පියවා ගැනීමේ ගැටලුවක් මතුව ඇති බවත් සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.