තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලකයන්ගේ නිවාස ගිනි තැබූ වෙලේ හමුවූ පොහොර තොග ගැන විමර්ශනයක්

    දේශපාලකයන්ගේ නිවාස ගිනි තැබූ වෙලේ හමුවූ පොහොර තොග ගැන විමර්ශනයක්

    කලහකාරීන් විසින් දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබූ අවස්ථාවේදී ඒවායේ තිබී හමුවූ යූරියා පොහොර තොග සම්බන්ධව වහාම විමර්ශනයක්  කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට නියෝග කරයි.

    ගොවීන්ට ඔවුන්ගේ වගා‍වන් සඳහා රසායනික පොහොර නොමැති අවස්ථාවක ඇතැම් දේශපාලඥයින් ඔවුන්ගේ නිවාසවල පොහොර ගබඩා කර තැබීම සම්බන්ධයෙන් තමන් ද විමතියට පත්වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම රසායනික පොහොර ගොවීන් හට සහනාධාර වශයෙන් ලබාදී තිබූ ඒවාද එසේ නොමැතිනම් වර්තමානයේ පවතින මිල ගණන් යටතේ ඔවුන් විසින් පෞද්ගලික වෙළෙඳුන්ගෙන් මිලදී ගත් පොහොර ද, එසේත් නොමැතිනම් පොහොර ලේකම් කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද පොහොර තොගද යන්න සම්බන්ධව පැහැදිලි වාර්තාවක් තමන්ට බාරදෙන ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.

     ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වාර්තාව ලැබීමෙන් පසුව අදාල පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img