fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බලාගාර කිහිපයක්ම අක්‍රීයවීමේ අවදානමක්

    විදුලි බලාගාර කිහිපයක්ම අක්‍රීයවීමේ අවදානමක්

    නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් විදුලිබලාගාර රැසක නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකිව මේවනවිට දැඩි අර්බුදයකට පත්ව ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

    එහි ලේකම් එරංග කුඩාහේවා පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි. 

    මේ හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඇතුළු තවක් විදුලි බලාගාර අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බව ද විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් එරංග කුඩාහේවා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.