තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශ දූත මණ්ඩලය ගිය වසරේ රුපියල් මිලියන 3221 උපයලා

    විදේශ දූත මණ්ඩලය ගිය වසරේ රුපියල් මිලියන 3221 උපයලා

    විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂය තුළ රුපියල් මිලියන 3,221 ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අමාත්‍යංශය වියදම් හා ආදායම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

    ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය රුපියල් මිලියන 675 අදායමක්ද ඉපැයීමට සමත්ව ඇති බවද එම නිවේදනයෙන් පෙන්වා දුන්නේය.

    මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශය විසින් වියදම් අඩු කිරීමට විශේෂ පියවරක් ගත් බවද සඳහන් කරයි.

    ලෙස වියදම් අඩු කිරීමේ එක් පියවරක් ලෙස විදේශයන්හි ක්‍රියාත්මක වූ දූ මණ්ඩල වසා දැමීමටද පියවර ගත් බව මාත් අංශය පෙන්වා දෙයි.

    ඒ අනුවවිදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය ප්‍රතිපාදන වලින් 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1,314ක් ඉතිරි කර ගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img