fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම් ගැන පොලිිස්පති කී දේ

    මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම් ගැන පොලිිස්පති කී දේ

    පොලිස්පතිවරයාට පොලිස්පතිවරයාගේ කාර්ය කරන්නට ඉඩ හැරියේනම් 09 වෙනිදා සිදුවූ පහරදීමෙන් පසු නිවෙස් ගිනි තැබීම් සහ දේපොල හානි සිදු නොවන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජනාධිපති ප්‍රමුුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හමුවේ පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ඒ පසුගිය දා ජනාධිපති මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදීය.

    එම රැස්වීම එදින උණුසුම් වී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපොල ගිනි තැබීම් සම්බන්ධයෙනි.

    එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයාව එම රැස්වීමට කැදවා ඇති අතර එහිදී එම රැස්වීම වඩාත් උණුසුම් වී ඇත.

    එහිදී මන්ත්‍රීවරුන්ගෙන් පොලිස්පතිවරයාට දැඩිව දෝෂාරෝපන එල්ල වී ඇත්තේ එම පහරදීම් පාලනය කිරීමට පොලීසිය අපොහොසත් වීම සැළකිල්ලට ගෙනය.

    මෙහිදී පොලිස්පතිවරයා විසින් ඒ සියල්ල අසාගෙන සිට සියල්ලන්ම නිහඩ කරමින් පවසා ඇත්තේ පොලිස්පතිවරයාට පොලිස්පතිවරයාගේ රාජකාරිය ඉටු කිරීමට ඉඩ ලබාදුන්නේ නම් මෙවන් තත්ත්වයක් ඇති නොවනු ඇති බවය. ඊට උදාහරණ දක්වමින් පවසා ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරු සහ කොට්ඨාශභාර පොලිස් අධිකාරීවරුපත්කිරීම් සම්බන්ධයෙනි. ගිනි ගැනීම් සහ දේපොල හානි වූ සෑම ප්‍රදේශයකම පත්කර සිටින්නේ ‍අදාල දේශපාලනඥයන්ගේ බලපෑම් මත පත්කරන ලද පොලිස් ප්‍රධානීන් බව පොලිස්පතිවරයා පෙන්වා දී ඇත. එම නිලධාරීන් පත්කිරීමේදී ඔවුන් ඒ සඳහා නුසුදුසු බව තමන් කළ දැනුම් දීම් මතක්කරදීමටද පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

    මෙවන් තත්ත්වයක් උද්ගතවන බව මෙයට මාසයකට දෙකකට පෙර තමන් විසින් මහජන ආරක්ෂක ලේකම්වරයා මගින් රජයට ලිපියක් ඉදිරිපත්කර ඇති බවද මෙහිදී පවසා ඇති පොලිස්පතිවරයා අවධාරණය කර ඇතැයි පැවසෙන්නේ පොලිස්පොතේ හරිහැටි සටහනක් තැබීමට නොහැකි ස්ථානාධිපතිවරුපවා මේ වන විට සිටින බවය.

    පොලිස්පතිවරයාගේ මෙම කරුණු දැක්වීම් හමුවේ සියළු දෙනා නිරුත්තර වී සිට බව දේශපාලන තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.