fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස් පහරදීමට හිටපු පළාත් සභා මන්ත්‍රී සමඟ නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

    ගෝල්ෆේස් පහරදීමට හිටපු පළාත් සභා මන්ත්‍රී සමඟ නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

    අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ අරගලයේ නිරතව සිටි පිරිසට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන විමර්ශනයන්ට අදාලව බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා සහ මොරටුව නගර සභාවේ සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් දෙදෙනාව මොරටුවේදී ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    මෙම පහරදීම සම්බන්ධයෙන් මෙයට පෙර ද මොරටුව නගර සභාවේ කම්කරුවෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව මේ වන විට අරගලකරුවන්ට පහරදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස තිදෙනෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.