අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් පැහැදිලි කරන ලෙස ඉල්ලමින් 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම පැහැදිලිකිරීම් දෙස බලා රජයට කවර මට්ටමින් සහයෝගය ලබා දෙන්නේද යන්න තීරණය කරන බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
එමෙන්ම 2015 බල පෙරලියේදී ආර්ථික හා දේශපාලන ක්‍රියාමාර්ග අඩංගු දින 100 වැඩපිළිවෙළේදී අග්‍රාමාත්‍යවරයා දැක්වූ විවෘතභාවය මෙහිදීද දැක්විය යුතු බවද එම ලිපියේ සඳහන් ය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්වූයේ ගෝඨාගෝගම අරගල භූමිය තුළින් දේශපාලන අරගලය තීව්‍ර වීමේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් බැවින් එම අරගල බිමෙන් මතු වූ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පැහැදිලි, සංගත හා විනිවිද පෙනෙන ලෙස රට හමුවේ වහාම ඉදිරිපත් විය යුතු බවද රණවක මහතා අගමැතිවරයාට යොමු කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එම සම්පූර්ණ ලිපිය මෙසේයි.