තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංචාරකයින්ගේ පැමිණීම 60%කින් පහළට

    සංචාරකයින්ගේ පැමිණීම 60%කින් පහළට

    මෙම මාසය තුළ මෙරටට සංචාරකයින් පැමිණිම සංඛ්‍යාව මෙම මාසය වන විට සියයට 60 කින් පමණ අඩුවී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ ආහාර හා ඉන්ධන අර්බුදය මෙන්ම රට තුළ පැවැති කලහකාරී සිදුවීම් සහ එම තත්ත්වයන් ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රචාරය වීම මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අඩුවීමට ඍජු බලපෑමක් එල්ල කළ බවයි.

    පවතින තත්ත්වය අනුව සංචාරක කර්මාන්තය හරහා මෙරට ආර්ථිකය ගොඩනගා ගැනීම අභියෝගයක් වනු ඇති බව ද ඇය සඳහන් කළේය.

    එහෙත් ඉන්ධන හා ආහාර අර්බුදය විසඳී රට ස්ථාවරය වුවහොත් ලබන ජුලි මාසය පමණවනවිට සංචාරක කර්මාන්තයේ යම් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිවනු ඇතැයිද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img