තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි කැපිල්ලක් ගැන ලංවිම කියන කතාව

    විදුලි කැපිල්ලක් ගැන ලංවිම කියන කතාව

    විදුලිය විසන්ධිකර තම වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

    එහි සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කළේ පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට තමන් කටයුතු නොකරන බවයි.

    තමන් සේවයෙන් ඉවත්ව ගියහොත් අනිවාර්යයෙන්ම විදුලිය විසන්ධිවීමක් සිදුවන බැවින් මේ මොහොතේ එවැන්නක් සිදුනොකරන බවද සඳහන් කරයි.

    රටත් ජනතාවත් පීඩාවට පත්ව සිටින මොහොතක අඛණ්ඩව විදුලිය ලබාදීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින බවද ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img