fbpx
තවත්
    මුල් පිටුවCOVIDඉන්දියාවේ සැබෑ කොවිඩ් මරණ ගණන කෝටි බාගයකට කිට්ටුයි - WHO

    ඉන්දියාවේ සැබෑ කොවිඩ් මරණ ගණන කෝටි බාගයකට කිට්ටුයි – WHO

    ඉන්දියාව තුල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කොරෝනා මරණ සංඛ්‍යාව මෙන් දසගුණයක පිරිසක් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බවට සැකකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වේ.

    ඒ අනුව ඉන්දියාව තුල කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් හතලිස් හත් ලක්ෂයක් පමණ මරණයට පත්වන්නට ඇති බව අදාල දත්ත වාර්තාව මගින් පෙන්වා දෙන බව බීබීසි පුවත් සේවය සඳහන් කරයි.

    ලොව පුරා සිදුවන මරණ සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණ අයාතනයක් වර්ල්ඩ් මොටැලිටි ඩේටා සේට් හි පර්යේෂකයින් විසින් 2020 නොවැම්බර් හීදී ඉන්දියාව තුල වූ මරණ සම්බන්ධයෙන් වූ දත්ත තමන්ට ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

    කෙසේ වෙතත් එහිදී ඉන්දියාවේ දත්ත හා සංඛ්‍යාන පිළිබද ආයතන විසින් තමන් සතුව මරණ සම්බන්ධයෙන් වූ නිසි දත්ත පත්තියක් නොමැති බවට දන්වා ඇති බව ර්ල්ඩ් මොටැලිටි ඩේටා සේට් හි විද්‍යාඥයෙකු වන ඒරියෙල් කාලින්ස්කි බවසයි. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අතිරේක මරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක උපදේශණ කණ්ඩායමේ සාමාජිකයෙකුද වේ. එම කණ්ඩායම විසින් 2020 සහ 2021 වර්ෂයේදී කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්වූවන් පිළිබඳ සොයා බැලීම මූලික වශයෙන් සිදුකරණු ලබයි.

    කොරෝනා වැනි වසංගත තත්ත්වයකදී වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වූවන් සොයා ගැනීම කරනු ලබන්නේ සාමන්‍ය තත්ත්වයකදී වසරකට වාර්තාවන මරණ සංඛ්‍යාව ඉක්මවා වාර්තා වූ මරණ සංඛ්‍යාව සැසදීම මගිනි. කෙසේ වෙතත් මෙම අතිරේක මරණ සියල්ල කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූවන් බවට සඳහන් කිරීමට නොහැකි වුවද එය ඉතා සාර්ථක ක්‍රමවේදයක් ලෙස භාවිතා කරනු ලබයි.

    ඒ අනුව ඉන්දියාව විසින් එරට නිල දත්ත වාර්තා මගින් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ලයින් හාරලක්ෂ අසූ එක්දහසක් ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බවට සඳහන් කරයි. මීට ඇතුලත් පිරිස 2020 වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිය 2021 දෙසැම්බර් 31 දක්වා කාලය තුලදී මරණට පත්ව ඇති බවද ඉන්දියාව පවසයි.

    කෙසේ වෙතත් සත්‍ය මරණ වාර්තාගත සංඛ්‍යාව මෙන් දසගුණයක් වීමට ඉඩ පවතින බවත් ඒ අනුව ලොව සිදුවූ කොරෝ මරණ වලින් තුනෙන් එකක් ඉන්දියාවෙන් වාර්තාවන්නට ඉඩ පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    මේ අතර සැලකිල්ලට ගනු ලබන කාලය තුල ලොව සිදුවූ අතිරේක මරණ වලින් සියයට 80ක් සිදුවූ රටවල් 20 අතරට ඉන්දියාවද ඇතුලත්ය. ඉන් මේවන තෙක් දත්ත පද්ධතිවලට ඇතුලත් නොවූ මරණ වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයන් ඉන්දියාවෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    එමෙන් ගෙවුනු සිතියේදී ඉන්දීය රජය විසින් එරට තුල 2020 වර්ෂයේදී මරණ ලක්ෂ අසූ එක්ක සිදුව ඇති බවට සඳහන් කරන අතර එය පෙර වසරට සාපෙක්ෂව සියයට 6ක ඉහළයාමකි. එහිදී ඉන්දීය බලධාරීන් විසින් අතිරේක මරණ වලට හේතුව කොරෝනා වෛරසය ආසාදනය වීම ලෙස සැලකිය නොහැකි බවද පවසා තිබේ.

    මේ අතර ඉන්දීය රජය විසින් ස්වාධීන අධ්‍යයන මගින් අනාවරණය කරනු ලබන දත්ත දිගින් දිගටම හෑල්ලුවට ලක්කළ අතර එහිදී බලධාරීන් විසින් එම දත්ත අසත්‍ය තොරතුරු බවට දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබීය.

    කෙසේවෙතත් ඉන්දියාව තුල සිදුවන මරණ සම්බන්ධයෙන් නිසි දත්ත රැස්කිරීමක් සිදුකිරීම දැඩි අපහසු කාර්යකි. ඊට මූලිකම හේතුව වී ඇත්තේ ඉන්දියාවෙ සිදුවන මරණ වලින් අතිමහත් බහුතරයක් නිවෙස් තුලදී සිදුවීමයි. එමෙන්ම එම මරණ වලින් බහතුරයක් දුෂ්කර ගම්මාන වල සිදුවන අතර එහිද නිසි දත්ත සටහන් කිරීමක් සිදුනොවේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන ආකාරයට සාමන්‍යයෙන් ඉන්දියාවේ වාර්ෂිකව කෝටියකට ආසන්න මරණ සංඛ්‍යාවක් සිදුවන අතර ඉන්න ලක්ෂ හැත්තෑමක්ටම නිසි මරණ සහතිකයක් නිකුත් වීමක් සිදුනොවේ.

    ඒ අනුව ඉන්දියාව තුල නිසි දත්ත වාර්තා නොමැති වීමෙන් එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල නිසි තීරණ ගැනීමේ දැඩි ගැටලුකාරී තත්ත්වයක්ද නිර්මාණය වී තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.