තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

    පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

    පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයක් අතරතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදා හැර තිබේ.

    පාර්ලිමේන්තු පිවිසුම අසලදී පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක් පවත්වන අතරතුරදී අද මෙම තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහනවලට බාධා කළ බවට වන චෝදනා මතයි.

    මෙසේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝඨාගෝ ගම්මානයේ විරෝධතාවයේ නිරතව සිටින පිරිසක් බව ද සඳහන්ය.

    කථානායකවරයාට ලිපියක් භාරදී නැවත යමින් සිටියදී මෙසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ද කියැවේ.

    ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාමේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී තවත් විරෝධතාකරුවන් පිරිසක් නිහඬ විරෝධතාවක නිරත ‍වී තිබුණේ ඉහත විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමිනි.

    මෙම සිද්ධියට අදාළව විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නීතිඥවරුන් විශාල පිරිසක් එහි පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img