තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලූ දේ..

    පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලූ දේ..

    ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් ලබා දී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා වූ යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (29) රාත්‍රි පැවති සාකච්ජාවේදී මෙම ඉල්ලීම කළ බවයි.

    ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කර සිය තීරණය දැනුම් දිය හැකි බව සිය පක්ෂයේ නියෝජිතයින් එහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img