තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බන්දු සමරසිංහට ඉතාලියේ තනතුර දේවිද?- රජයේ තීරණය මෙන්න..

    බන්දු සමරසිංහට ඉතාලියේ තනතුර දේවිද?- රජයේ තීරණය මෙන්න..

    ප්‍රවීන ප්‍රහසන නළුවකු වන බන්දු සමරසිංහ මහතා මිලානෝ හි ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස පත්නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර තිබේ.

    විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කරනු ලබන්නේ මේ දිනවල මේ පිළිබඳ සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවලට පිළිතුරු වශයෙනි.

    එම ධුරයට මින් පෙර පත්කර තිබුණේ ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියයි.

    ඇය එම ධුරය භාරගැනීමෙන් දින කිහිපයකට පසු එරටදී අභාවප්‍රාප්ත වූවාය.

    ඉන් අනතුරුව එම තනතුරට බන්දු සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බවට වාර්තා පළවිය.

    ඒ සම්බන්ධයෙන් අද විදේශ කටයුතු අමාත්‍යාංශය පහත නිවේදනය නිකුත් කර තිබුණි.

    බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකෙරේ

    බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටියි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය
    කොළඹ

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img