තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගමේ ගිය අයට කොළඹ එන්න බස් දුම්රිය සේවා

    ගමේ ගිය අයට කොළඹ එන්න බස් දුම්රිය සේවා

    අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට මේවනවිට විශේෂ බස් රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුව ස්වර්ණහංස මහතා සඳහන් කළේ, ඒ සඳහා අතිරේක බස් රථ 200 ක් යොදවා ඇති බවයි.

    මේ අතර, ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    එමෙන්ම ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට ලබන 17 වැනිදා සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img