තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උතුරු කොරියානු හැකර්වරුන්ගේ අලුත්ම ප්‍රහාරය

    උතුරු කොරියානු හැකර්වරුන්ගේ අලුත්ම ප්‍රහාරය

    උතුරු කොරියානු පරිගණක හැකර්වරුන් පිරිසක් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 600කට අධික වටිනා කමින් යුත් ක්‍රිප්ටෝ මුදල් සොරාගෙන ඇති බව ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය පවසයි.

    අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක පරිගණක ක්‍රීඩාවක නිතර ක්‍රීඩකයින්ගෙන් මෙලෙස මුදල් සොයාර ගැනීම සිදුකර ඇති බවද එෆ්.බී.අයි අයාතනය සඳහන් කරයි.

    අදාල පරිගණක ක්‍රීඩාවේ නරත තරඟකරුවන් හට ක්‍රීප්ටෝ මුදල් ඉපයීමට හැකියාව පවතින අතර එමගින් බොහෝ පිරිසක් විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට සමත්ව ඇති බවටද වාර්තාවේ.

    මෙම පරිගණක හැරක්වරුන් උතුරු කොරියානු රජයේ සහය ඇතිව ක්‍රියාත්මක වන කණ්ඩායමක් බවද එෆ්.බී.අයි අයාතනය සඳහන් කරයි.

    අදාල හැරක්වරුන් විසින්ම 2014 වර්ෂයේදී සෝනී පීක්චර්ස් පරිගණක පද්ධතියට ඇතුළු වී රහසිගත තොරුතුරු රැසක් ප්‍රසිද්ධ කිරීමටද පියවරගෙන තිබිණි. එහිදී අදාල කණ්ඩායම විසින් සෝනි සමාගමට උතුරු කෙරියානු නායකයාට අපහාසවන අයුරින් නිර්මාණය කර තිබූ ද ඉනට්ර්වීව් චිත්‍රපටය තිරගත නොකරණ ලෙසට ඉල්ලා තිබිණි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙලෙස සොරාගන්නා මුදල් උතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටික බලය වර්ධනය කරගැනීමට යොදා ගන්නා බවයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img