තවත්
    මුල් පිටුවspecialකළු මුහුදේ දැවැන්තයා මුහුදු පතුලට

    කළු මුහුදේ දැවැන්තයා මුහුදු පතුලට

    රුසියාවේ ප්‍රමුඛ පෙළේ යුධ නෞකාවක් වන මොස්කාවා නෞකාව මුහුදුබත් වී ඇති බවට විදේස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම නෞකාව් හටගත් ගිණි ගැනීමෙන් ඊට හානි වීම හේතුවෙන් එය වරායක් වෙත රැගෙන එමින් සිටියදී මෙලෙස මුහුදු බත්වී ඇති බවත් ඒ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් තහවුරු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    නාවිකයින් 510 කින් සමන්විත මෙම නෞකාව මිසයිල ප්‍රහාරක නෞකාවක් ලෙස භාවිත කළ අතර යුක්‍රේන යුධ ගැටුම් ආරම්භයත් සමඟම එය විශාල වශයෙන් රුසියාව විසින් භාවිත කෙරිණි.

    මෙම නෞකව කළු මුහුදේ යාත්‍රා කළ අතර එම කළාපයේ වැඩි බලයක් රුසියාවට අත්පත් කරදීමට එය සමත්විය.
    කෙසේවෙතත් අදාල නෞකාවට තමන් විසින් නිෂ්පාදනය කළ මිසයිලයින් ප්‍රහාර එල්ල කළ බවට යුක්‍රේනය ප්‍රකාශ කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නෞකාව ගිණි ගැනීමකට ලක්වූ බවද යුක්‍රේනය සඳහන් කරයි.

    රුසියාව විසින් තමන් සතු ප්‍රබලතම යුධ නෞකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල වීමක් සිදු නොවූ බවත් නෞකාවේ ඇති වූ ගිණි ගැනීමක් ආයුධ ගබඩාව තෙක් පැතිරීම හේතුවෙන් ඊට බරපතල හානි සිදුවූ බවද පවසයි.

    කෙසේ වෙතත් මෙම නෞකාව අහිමි වීම රුසියානු යුධ ශක්තියට යම් බලපෑමක් එල්ල කළ හැකි බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img