තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න - GMOA කියයි

    හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න – GMOA කියයි

    රටපුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය විසඳාගැනීම සඳහා විදේශගත වෛද්‍යවරුන්ගෙන් සහ ශ්‍රී ලාංකිකයින්ගෙන් සහාය අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් රට පුරා රෝහල්වල මේ වන විටත් දැඩි ඖෂධ හිඟයක් පවතින බව ද එම නිසා එය විසඳා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් කඩිනමින් විසඳුම් සෙවිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    මේ වන විට රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් වන ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවා ලබාගැනීමේ අයිතිය තහවුරු කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට හෝ රජයට හෝ හැකියාවක් ලැබී නැතැයි ද එම සංගමය කියයි.

    එමනිසා හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීම ඇතුළු යෝජනා පහක් රජයට ඉදිරිපත් කරන බවද එම සංගමය කියයි.

    සෞඛ්‍ය බලධාරීන් සියලු පාර්ශ්ව කැඳවා පවතින ඖෂධ හා උපකරණ තත්ත්වය සමාලෝචනය කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශය තාක්ෂණික කමිටුවක් පිහිටුවා දැනට තිබෙන ඖෂධ මනාව කළමනාකරණය කර ගැනීම, ජාත්‍යන්තර සහාය හා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගය ලබාගැනීම සහ විදේශාධාර ලබා ගැනීම එම යෝජනා පහ බවද එම සංගමය කියයි.

    රජය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img