තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් -GMOA

    සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් -GMOA

    සියලුම රෝහල්වල පාහේ අද වනවිට ඖෂධ හා වෛද්‍ය උපකරණවල දැඩි හිඟයක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    ඖෂධ හා වෛද්‍ය උපකරණවල දැඩි හිඟයත්, විදුලි කප්පාදුවත්, ඉන්ධන හිඟයත් නිසා රෝහල් අත්‍යවශ්‍ය රෝගී සත්කාරක සේවා බිඳවැටී ඇති බව ද ඉදිරියේ දී මුළු සෞඛ්‍ය සේවාව ම අකර්මණ්‍ය වී යනු ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සොනාල් ප්‍රනාන්දු මහතා කීය.

    ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නිදහස් සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛතාව ලබානොදීම නිසා සෞඛ්‍ය සේවාව බිඳවැටෙමින් තිබෙන බවද ඔහු කීය.

    ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සඳහා ඇති අයිතිය තහවුරු කිරීම රජයට අත්හළ නොහැකි වගකීමක් බවද වර්තමාන රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම මූලික අයිතිවාසිකම තහවුරු කිරීමට අසමත් වී ඇතැයිද වෛද්‍ය සඳහා ප්‍රනාන්දු මහතා කීය.

    ඖෂධ හා උපකරණ සැපයීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පරම වගකීම නමුත් දුර්වල මූල්‍ය කළමනාකරණය නිසා ඇති වූ ආර්ථික අර්බුදය තුළ රෝගී සත්කාර සේවා මේ වන විට මුළුමනින්ම පාහේ බිඳවැටී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img