තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියානු ගල් අඟුරු එපා කියන්න යුරෝපය ලෝකෙ වටේ යයි

    රුසියානු ගල් අඟුරු එපා කියන්න යුරෝපය ලෝකෙ වටේ යයි

    යුරෝපා රාජ්‍යයන් විසින් ලොව පුරා රටවලින් ගල් අඟුරු මිලදී ගැනීම් ඉහළ දෑමීමට පියවර ගෙන ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    රුසියාවට මේවන විට ආර්ථික සම්බාධක පනවා ඇති පසුබිමක යුරෝපා කළාපයේ බලශක්ති ඉල්ලුම සපුරාලීමේ අරමුණින් මෙලෙස ගල් අඟුරු ඉල්ලුම ඉහළදමා ඇති බවද අදාල පුවත් සේවය පෙන්වා දෙයි.

    යුරෝපා කොමිසම විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීම සිදු කළ ඇති අතර එහිදී රුසියාවෙන් ගල් අඟුරු ආනයනය කිරීම රුසියානු නෞකා යුරොපා වරායන් වෙත ඇතුළු වීම තහනම් කිරීමට තීරණය කර ඇත.

    මෙම නව තහනම් පැනවීම යුරෝපා කළාපයේ ඉන්ධන අවශ්‍යතා සම්බන්ධයෙන් දැඩි අවධානමක් නිර්මාණය වී ඇති පසුබිමක සිදුකිරීම විශේෂත්වයක් වේ. රුසියාව විසින් යුරෝපා කලාපයට සපයනු ලබන ගෑස් සහ ඉන්ධන සඳහා ගෙවීම් රූබල් වලින් සිදුකරන ලෙසට ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇත.

    ඒ අනුව යුරෝපා රටවල් මේවන විට තම ගල් අඟුරු කොලොම්බියාවෙන් සහ ඇමරිකා එකසත් ජනපදයෙන් මිලදී ගැනීමට අවදානය යොමු වී ඇති බවද රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. මේ අතර යුරෝපා රටවල් විසින් දකුණු අප්‍රිකාවෙන් මෙන්ම ඕස්ට්‍රේලියාවෙන් සහ ඉන්දුනීසාවෙන්ද ගල් අඟුරු මිලදී ගැනීමට අවදානය යොමුකර ඇතැයි වාර්තා වේ.

    කෙසේ වෙතත් යුරෝපා රාජ්‍යන් සිය ගල් අඟුරු සහ ගෑස් අවශ්‍යතාවෙන් සියයට 45ක් රුසියාවෙන් සපුරාගන්නා අතර බොරෙතල් අවශ්‍යතාවන් සියයට 25ක්ද රුසියාවෙන් සපුරා ගනී. ඒ අනුව මෙම තත්ත්වය තුල එම කාලපයට රුසියාවෙන් වෙන්වී සිටීමට නොහැකි වී තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img