තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සනත් නිශාන්තගේ සහෝදරයා අල්ලන්නැයි ජවිපෙ උද්ඝෝෂණයක්

    සනත් නිශාන්තගේ සහෝදරයා අල්ලන්නැයි ජවිපෙ උද්ඝෝෂණයක්

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් සභික ජගත් සමන්ත පෙරේරා යන අයව අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් 05 වැනිදා සවස හලාවත – ආරච්චිකට්ටුව නගරයේදී පැවැත්වුණි.

    ජගත් සමන්ත පෙරේරා යන අය තවත් පිරිසත් සමග පසුගිය 02 වැනිදා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවාස 04 කට කඩා වැදී අලාභ හානි සිදු කර තිබුණි.

    එම ප්‍රහාරයෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර,ඔවුන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

    ප්‍රහාරයට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව අරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හලාවත දිසා අධිකරණයට පසුගිය 04 වැනිදා සවස ඉදිරිපත් කර තිබුණි. ඔවුන් දෙදෙනා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    මෙම සිද්යට සම්බන්ධ බව කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා යන අයගේ සහෝදරයාව පොලීසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා සිටියේය.

    මෙම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නාමල් කරුණාරත්න මහතාද එක්ව සිටියේය.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img