තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

    පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

    පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංකීර්ණයේදී අද (4) පෙරවරුවේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

    මේ අනුව පාර්ලිමේන්තුව සංකීර්ණයේත් ඒ අවට ප්‍රදේශවලත් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේත් විශේෂ ආරක්ෂක රැකවල් තර කෙරෙනු ඇත.

    මේ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර්  අද්මිරාල් සරත් වීරසේකර මහතාද ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආරක්ෂක බුද්ධි සේවාවන්හි ප්‍රධානීහු පිරිසක්ද  සහභාගිවූහ.

    මේ අතර පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (5) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img