තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 50 ක් හෙට කරන්න යන දේ..

    පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 50 ක් හෙට කරන්න යන දේ..

    ජනතා හඬට ඇහුම්කන් නොදී උපක්‍රම භාවිතා කරමින් ආණ්ඩුව පවත්වාගෙන යෑමට උත්සහ ගතහොත් ආණ්ඩුවට බහුතරය අහිමිකරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ හෙට(5) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 50 ට අධික පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට සූදානමින් සිටින බවයි.

    ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහිමිකළ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

    එබැවින් මේ මොහොතේ ආණ්ඩුව ජනතා හඬට ඇහුම්කන් දෙමින් කටයුතු කළ යුතු බවද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img