තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලන සමීපතමයන් අගමැති හැරයයි - ඉම්රාන් ගෙදර යයිද?

    දේශපාලන සමීපතමයන් අගමැති හැරයයි – ඉම්රාන් ගෙදර යයිද?

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීමත් සමඟම ඛාන්ගේ දේශපාලන සමීපතයින් ඔහුව හැරයාම අරඹා තිබේ.

    ඒ අනුව ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවේ සාමාජිකයකු වූ මුත්තයුඩා කුවාමි ව්‍යාපාරයේ නායක අමිනුල් හක් මෙලෙස විපක්ෂයට එක්ව ඇත.

    එහිදී ඔහු විපක්ෂය සමඟ විශේෂ එකඟතාවයකට පැමිණ ඇති අතර විපක්ෂ විසින් ඛාන්ට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවටද ඔවුන් සහය දෙනූ ඇත.

    මෙම මස මුලදී විපක්ෂ විසින් ඉම්රාන් ඛන්ගේ ආර්ථික කළමනාකරණය දුර්වල බව පවසමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලදී.

    එම යෝජනාව ජය ගැනීමට විපක්ෂයට ඡන්ද 172ක් අවශ්‍යවේ. යම් ආකාරයකින් ඛාන් මෙහිදී පරාජයට පත්වුවහොත් ඔහුට සිය ධුරය අහිමි වනු ඇත.

    ඉම්රාන් ඛාන් පරාජයට පත්වුවත් පාකිස්තාන පාර්ලිමේන්තුවේ 2023 අගෝස්තු දක්වා පැවත්වාගෙන හාමේ හැකියාවක් පවතී. එහෙත් එරට ව්‍යවස්ථාව අනුව 2023 අගෝස්තු මාසයෙන් පසුව මාස දෙකක් ඇතුලත මහ මැතිවරණයක්  පැවැත් විය යුතුවේ.

    කෙසේවුවත් ඛාන් පරාජයට පත් වුවත් මහ මැතිවරණ පැවැත්වෙන තෙක් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරගැනීමේ හැකියාවක් පවතින අතර  ඔහුට සිය සිතැගි පරදි නම් කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමටද හැකියාව පවතී.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img