තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුද්දට ගමේ යන්න විශේෂ බස් සේවා

    අවුරුද්දට ගමේ යන්න විශේෂ බස් සේවා

    සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලායන ජනතාවගේ පහසුව පිණිස විශේෂිත ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කරයි.

    මෙම අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාව අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

    එහි පළමු අදියර ලබන අප්‍රේල් 08 සිට 15 දක්වා ක්‍රියාත්මක බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේය.

    දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් ද මෙම කාලය තුළ ක්‍රියාත්මක කරන බව එම නිවේදනය සඳහන් වේ.

    කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

    එමෙන්ම කඩවත, කඩුවෙල බස් පර්යන්තයන්වල හා මාකුඹුර බහුවිධ හුවමාරු ප්‍රවාහන මධ්‍යස්ථානයේ ද මගීන්ට අවශ්‍ය පොදු පහසුකම් මෙම කාලසීමාව තුළදී සැපයීමට කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    එමෙන්ම දෙවන අදියර යටතේ, නැවත කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පැමිණීමේ දී ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොණරාගල, බදුල්ල, හැටන්, මහනුවර හා නුවරඑළිය බස් පර්යන්තවල මගී ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර නිකුත්කර බස් රථ යෙදවීමට සැලසුම්කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img