තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලියට ඇති වතුර ප්‍රමාණය මාසයකටත් අඩුයි

    විදුලියට ඇති වතුර ප්‍රමාණය මාසයකටත් අඩුයි

    විදුලි ජනනය සඳහා ජලාශවල ජලය ඇත්තේ තවත් දින 20කට තරම් ප්‍රමාණයක් බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    පවතින දැඩි නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් බලාගාර ආශ්‍රිත ආශිත ජලාශවල ජල මට්ටම 28%ක මට්ටම දක්වා පහත වැටී ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

    කොත්මලේ ජලාශයේ 21%ක් කාසල්රි ජලාශයේ 12%ක් මාවුස්සාකැලේ ජලාශයේ 29%ක් සමනල ජලාශයේ 14%ක් සහ රන්දෙණිගල 56%ක් ආදී වශයෙන් ජලාශවල ජල මට්ටම පහත වැටී තිබෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

    මෙරට විදුලි ගණයෙන් සියයට අසූවක් ගලෙන් ලබාගත් නමුත් මේ වන විට එම ප්‍රමාණය 20% පමණ දක්වා අඩු වී ඇතැයි ද විදුලිබල මණ්ඩලය කියයි .

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img