තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු එස්ටීඑෆ් අත්අඩංගුවට

    හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු එස්ටීඑෆ් අත්අඩංගුවට

    හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන පණ්ඩු බණ්ඩාරනායක මහතා අම්පාරේදී අද පෙරවරුවේ විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වී තිබේ.

    පණ්ඩු බණ්ඩාරනායක මහතා ලඟ ඉතා වටිනා ගජමුතු දෙකක් තිබෙන බවත් එය අලෙවි කිරීමට රහසිගතව පුද්ගලයින් සොයන බවටත් බුද්ධි අංශ වලට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් පණ්ඩු බණ්ඩාරනායක මහතා අම්පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.

    පණ්ඩු බණ්ඩාරනායක මහතා සමඟ එම ගජමුතු අලෙවි කිරීමට ගිය තවත් පස් දෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වී ඇති අතර පසුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පොලිසියට පොලීසියට භාරදී තිබේ.

    මේ වන විට පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිස පොලීසියේ රඳවා ගෙන ප්‍රශ්න කරන බවද වාර්තා වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img