සිංහල හා හින්දු අලුත් අවුරුදු දින දෙකෙහි හෝ විදුලි කප්පාදුවක් නොකර සිටීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නෙ අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද විදුලි කප්පාදුව මැයි මාසය දක්වා දීර්ඝවනු ඇති බවයි.
විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබුණද දිනෙන් දිනම විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ධාරිතාවය දිනෙන් දිනම අවම වෙමින් තිබෙන බවද ඔහු පැවසීය
මේ නිසා ජාතික විදුලි ධාරිතාවය සම්පූර්ණ කිරීමේ අර්බුදයකට විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.