තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාධ්‍යවේදියකුට බලපෑම් කළැයි දුමින්ද සිල්වාට එරෙහිව පැමිණිල්ලක්

    මාධ්‍යවේදියකුට බලපෑම් කළැයි දුමින්ද සිල්වාට එරෙහිව පැමිණිල්ලක්

    හම්බන්තොට ප්‍රාදේශිය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාගේ ආරක්ෂාව තහවුරු කරන දෙන ලෙස “රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානය” ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

    රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති සාලිය ගමසිංහආරච්චි සහ ලේකම් සුනිල් පැල්ලන්දෙණිය යන මහත්වරුන්ගේ අස්සනින් යුතුව එම ලිපිය යොමු කර ඇත.

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානය විසින් යොමු කර ඇති ලිපියේ මෙසේද සදහන් වේ.

    “දකුණු පළාතේ අම්බලන්තොට ප්‍රදේශයේ සිදු කරන මහා පරිමාණ වැලි ජාවාරමක් සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් 2022 මාර්තු මස 16 වැනිදා පටිගත කර ඇත. එම පටිගත කිරීමෙන් සුළු වේලාවකට පසු රාහුල් මහතාව දුරකතනයෙන් අමතා ඇති දුමින්ද සිල්වා නම් අයෙකු පවසා ඇත්තේ අදාල ප්‍රවෘත්තිය පළ කිරීමෙන් වළකින ලෙසය. එම දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපතිවරයා විසින් බව රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ වැලි ජාවාරම්කරුවන් අතර ඇති සම්බන්ධය කුමක්දැයි අපි නොදනිමු.

    මහජනතාවට තොරතුරු දැන ගැනීම සදහා ඇති අයිතිය තහවුරු කරන එක් පුරුකක් වන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාය. එමෙන්ම සත්‍ය ප්‍රවෘත්තියක් ආවරණය කිරීමට මෙන්ම එය මුදා හැරීමටද මාධ්‍යවේදියාට අයිතියක් ඇත.

    ඒ අනුව කිසියම් ප්‍රවෘත්තියක් ආවරණය කිරීමෙන් වළකින ලෙස හෝ එය මාධ්‍ය ආයතන වෙත මුදාහැරීම නොකරන ලෙස ඉල්ලීමට කුමන තරාතිරමක අයෙකුට වුවද හැකියාවක් නැත.

    මෙම තත්ත්වය මත රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.”

    ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කර ඇති එම ලිපියේ පිටපත් පරිසර අමාත්‍යවරයා වෙත සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත යොමු කිරීමටද රටවටා මාධ්‍යවේදියෝ සංවිධානය කටයුතු කර ඇත.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img