තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ දවස්වල ශීත ආහාර කද්දී ප්‍රවේශමෙන්

    මේ දවස්වල ශීත ආහාර කද්දී ප්‍රවේශමෙන්

    නිතර සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් වෙළදසැල් තුල ශීතකරණවල ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මකභාවයේ වෙනස්කම් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය අනුව ශීත කළ ආහාර පරිභෝජනයට ගැනීමේදී සැළකිලිමත් වන ලෙසයි.

    ඒ අනුව ශීත ආහාරවල පැහැයේ, ගන්ධයේ සහ පෙනුමේ වෙනසක් ඇත්නම් එම ආහාර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බැවින් එවැනි ආහාර මිළදී ගැනීමෙන් වළකින ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටි.

    මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ මස් හා කිරි ආශ්‍රිත ආහාර අලෙවි කළ වෙළදසැල් 387 කට එරෙහිව නඩු පවරා ඇතැයිද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img