තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට රෑ මැදියමේ සිට බස් ගාස්තුත් ඉහළට

    හෙට රෑ මැදියමේ සිට බස් ගාස්තුත් ඉහළට

    බස් ගාස්තු සංශෝධනය හෙට (14) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පවසයි

    ඔහු සදහන් කරන්නේ අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇති බවයි.

    ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    ඒ අනුව හෙට(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ යනු ඇතැයිද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img