අඛණ්ඩව විදුලිය සැපයීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති නිසා වැඩි කාලයක් විදුලිය කපා හැරීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
හැකි සෑම අවස්ථාවකම විදුලි ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම නිසා ඉතා අරපිරිමැස්මෙන් විදුලි භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක මහතා පැවැසීය.
ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත යෑම, ඉන්ධන සැපයීම සීමා වීම, විදුලි ඉල්ලුම ඉහළ යාම ආදී ලංකා විදුලිබල මණ්ඩලය අභියෝග රැසකට මුහුණ දී ඇතැයි ද දසනායක මහතා සඳහන් කළේය.
එම නිසා හැකි සෑම අවස්ථාවකම විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිත කර සංරක්ෂණය කරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය .