fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව මහාධිකරණ විනිසුරුවරු 13 දෙනෙක් ජනපති අතින් පත්වීම් ලිපි ලබති

    නව මහාධිකරණ විනිසුරුවරු 13 දෙනෙක් ජනපති අතින් පත්වීම් ලිපි ලබති

    නව මහාධිකරණ විනිසුරුවන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද පත්වීම් ලිපි ලබාගත්තේය.

    අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වැළැක්වීමත් තමා අපේක්ෂාකරන බව ජනාධිපති ලේක්ම් කාර්යාලයේ පැවැති පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේදී පත්වීම් ලද විනිසුරුවරුන්ට ජනාධිපතිවරයා පවසා තිබේ.

    දිසා විනිසුරුවරු 08 දෙනෙක්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙක්, මහේස්ත්‍රාත්වරු 02 දෙනෙක් සහ රජයේ අධිනීතීඥවරු 02දෙනෙක් ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.