fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල්පැන ගිය සුරාබදු නීති අලුත් කරන්න සැර‍සෙයි

    යල්පැන ගිය සුරාබදු නීති අලුත් කරන්න සැර‍සෙයි

    යල් පැන ගිය සුරාබදු නීති හේතුවෙන් බලපත්‍ර ලබා ගැනීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

    අමාත්‍යවරයා මේ බව සහතික වී ඇත්තේ හෝටල් හිමියන්ගේ සංගමය සමඟ කළ සාකච්ඡාවකදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කීය.

    ඇල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරන හෝටල්වලට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැටලීමක් සිදුකර තිබේ.

    එහිදී සංචාරකයන්ද ව්‍යාපාරිකයන් ද අපහසුතාවයට පත්කරමින් මේ වැටලීම සිදුකර තිබූ බවට හෝටල් හිමියෝ පවසා ඇත.

    කෙසේවෙතත් මෙම වැටලීමෙන් අනතුරුව බලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී හෝටල් හිමියන් යල් පැනගිය සුරාබදු නීතියේ ඇති ගැටළු නිසා බලපත්‍ර ලබාගැනීමේ නොහැකියාව , විවෘත කිරීමේ කාලය වැනි කරුණු අවධාරණය කර ඇත.

    සංචාරක ව්‍යාපාරයට ගැලපෙන යාවත්කාලින බලපත්‍ ක්‍රමයක් නොමැතිකමින්
    වසරකට ඩොලර් බිලියන 3ක් පමණ ආදායමක් උපයන හෝටල් හිමියන් ඇතුළු සංචාරක ව්‍යාපාරයේ නියැලෙන පිරිස් ලක්වන අපහසුතාවය පිළිබඳව දිගින්දිගටම  එම සංගමය පෙන්වා දී තිබේ.

    එහිදී, සුරාබදු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය පහසු කරන බවටත්, නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් සුරාබදු කොමසාරිස්වරයා දැනුම් දී ඇත.

    කරුණු දැක්වූ හෝටල් හිමියන් පවසා තිබුණේ රජයට ප්‍රධානතම විදේශ විනිමය උපයන මාර්ගයක් වන කොවිඩ් වසංගතය නිසා දැඩි පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නාගා සිටුවීම සඳහා අවශ්‍ය විශේෂ බලපත්‍ර ක්‍රමයක් ලබාදීම තුල ලංකාව පුරා විසිරි ඇති ආයතන 5000 පමණ තම ව්‍යාපාර කටයුතු තවදුරටත් වර්ධනය කරගත හැකි බවයි

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.