fbpx
තවත්
    මුල් පිටුවCOVIDමෙරට දෛනික කොවිඩ් මරණ 17%කින් ඉහළට - 65%ක්ම බූස්ටර් නොගත් අය

    මෙරට දෛනික කොවිඩ් මරණ 17%කින් ඉහළට – 65%ක්ම බූස්ටර් නොගත් අය

    මෙරට තුළ දෛනික කොවිඩ් මරණවලින් 60-65%ක් පමණ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් අය බව වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

    මෙරට තුළ කොවිඩ් මරණ වාර්තා වීම ද මේ වන විට 17%කින් පමණ ඉහළ ගොස් ඇති බව හෙතෙම කියාසිටී.

    “බූස්ටර්‌ එන්නත්‌ මාත්‍රාව ලබානොගත්‌ පිරිසගේ රෝහල්ගතවීම සංඛ්‍යාව 8 -10%ත්‌ අතර තියෙනවා. අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ පිරිසගෙන්‌ බූස්ටර්‌ එන්නත්‌ මාත්‍රාව
    ලබානොගත්‌ පිරිස 60%ක්‌ විතර තියෙනවා. දවසකට මරණ 30ක්‌ පමණ වාර්තා වෙනවා මේ අවස්ථාවේදී. එයින්‌ 60ත්‌ 65%ත්‌ අතර ප්‍රමාණයක්‌ බුස්ටර්‌ එන්නත්‌ මාත්‍රාව ලබාගෙන නෑ. ඉතින්‌ ඒක හින්ද ඒකෙන්ම පෙනී යනවා ඒකෙත්‌ බොහොම ප්‍රබල කාරණාවක්‌ තියෙනව අනිත්‌ රටවල්‌ එක්කත්‌ සන්සන්දානාත්මකව මේක බලන්න ඕන. මොකද මේක ගෝලීය වසංගතයක්‌. අපේ රටට විතරක්‌ විශේෂිත වූ වසංගතයක්‌ නෙවෙයි. අනිත්‌ රටවල්‌ වලත්‌ දියුණු රටවල්‌ වලත්‌ ඔවුන්‌ ක්‍රියාත්මක කරගෙන යන ක්‍රමවේදයන්‌. පිළිවෙලවල්‌ අපි ඒවා අනුගමනය කරලා අධ්‍යයනය කරලා තමයි මේ බූස්ටර්‌ මාත්‍රාව කියන දේ හඳුන්වා දෙන්නේ. මේ බූස්ටර්‌ මාත්‍රාව හඳුන්වාදීමේ ප්‍රධාන පරමාර්ථය තමයි ඔබව රැකගන්න. ඒක හින්දා ඔබ ඉදිරිපත්‌ වෙන්න ඕන ඔබව රැකගන්න. එයින්‌ තමයි, ඔබත්‌ අපත්‌, සමාජයත්‌ රටත්‌ ආරක්ෂා වෙන්නේ.”

    “පහුගිය සතියත්‌ එක්ක සංසන්දනාත්මකව ගත්තම අපිට රෝගීන්‌ වාර්තාවීම 20%කින් වගේ වැඩි වෙලා තියෙනවා. මේ වෙද්දී මරණ වාර්තා වීම 17%කින්‌ වැඩිවෙලා
    තියෙනවා. ඔක්සිජන්‌ මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 12%ක විතර වැඩිවීමක්‌ අපි දකිනවා. ඒ සමගම දැඩි සත්කාර ඒකකවල ඉන්න රෝගීන්ගේ සංඛ්‍යාව 3%ක විතර වැඩිවීමක්‌ අපි දකිනවා. මෙවැනි තත්ත්වයක්‌ තුළ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්‌ හොඳම කාරණාවල්‌ කිහිපයයි තියෙන්නේ. මේ වෙද්දී අපි පළමු මාත්‍රාව සියයට 95කට විතර දීලා තියෙනවා අවුරුදු 12 ට වැඩි ජනගහණයට. දෙවැනි මාත්‍රාව 80%ක්‌ විතර ලබාදීලා තියෙනවා අවුරුදු 12 ට වැඩි ජනගහණයට. බූස්ටර්‌ මාත්‍රාව 44%ක්‌ දක්වා ප්‍රමාණයකට අපි දීලා තියෙනවා. මේකේ ඉලක්කගත කාරණාව වන්නේ අපට දැන්‌ මරණ යම්කිසි ප්‍රමාණයකට ප්‍රතිශතයක්‌ වශයෙන්‌ ගත්තම වැඩිවීමක්‌ දකිනවා. ඔක්සිජන්‌ මත යැපෙන රෝගීන්ගේ යමිකිසි ප්‍රතිශතයක වැඩිවීමක්‌ දකිනවා. මේ වෙද්දී දැඩි සත්කාර ඒකක කරා යොමුවන රෝගීන්ගේ වැඩිවීමක්‌ අපිට පෙනිලා තියෙනවා. ඉතින්‌ බූස්ටර්‌ මාත්‍රාවෙන්‌ අපිට ඔය කාරණා ටික අඩුකරගැනීමේ හැකියාව තියෙනවා.”

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන ඊයේ වනවිට 15,874 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 6,30,599 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් කොවිඩ් ආසාදිතයින්ගෙන් 595,649 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.