වසර හතකට පසු ලොව ඉහළම බොර තෙල් මිල අද දින වාර්තා වී තිබේ.
මේවන විට රුසියානු සහ යුක්‍රේනය ආශ්‍රිතව මතුවී ඇති අර්බුකාරී තත්ත්වය මීට බලපා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඇමරිකාව සය යුරෝපා කලාපයේ රටවල් ආර්ථික සම්භාදක පැනවීම ඇති ඉඩකඩ හේතුවෙන් තෙල් සැපයුමට භාදා වීමට ඇති ඉඩකඩ ඇති බවද වාර්තා වේ.
බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 1.12කින් (1.2%කින්) ඉහළගොස් , බැරලයක් ඩොලර් 95.56ක් වූ අතර එය 2014 ඔක්තෝම්බර් වලින් පසු ඉහළ මිල මෙය වේ.
මේ අතර එක්සත් ජනපදයේ බටහිර ටෙක්සස් අතරමැදි (WTI) බොරතෙල් මිල ඩොලර් 1.28කින් (1.4%කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 94.94ක් වූ අතර එය 2014 සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළ මිල මෙය වේ.
ඔපෙක් සංවිධානය සහ ඊට අනුබද්ධිත රටවල් මේවන විට ගෝලීය බොරතෙල් ඉල්ලුම සපුරාලීමට හැකිවන තරම් නිෂ්පාදන කිරීමේ ගැටලුවකට මුහුණ දී ඇත.
එම රටවල් මාර්තු මස වන විට දිනකට බොරතෙල් බැරල් ලක්ෂ හතරක් නිෂ්පාදන කිරීමට බලාපොරොත්තු වන බවට ප්‍රකාශ කළද එම ඉලක්කය සපුරාලීමට නොහැකි වනු ඇති බවට වාර්තා වේ.
මේ අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසන පරිදි ඔපෙක් සංවිධානය සහ ඊට අනුබද්ධිත රටවල් වල සැපයුම සහ ඉල්ලුම අතර දිනකට බොරතෙල් බැරල් ලක්ෂ නවයක හිඟයක් පවතින අතර එයද බොරතෙල් මිල ඉහළ යාම හේතුවී තිබේ.