fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කාලය ලබන 17 දක්වා දීර්ඝ කෙරේ

    සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කාලය ලබන 17 දක්වා දීර්ඝ කෙරේ

    අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 සඳහා අයදුම්පත් කැඳවිම ලබන 17 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හෙට සිට 17 වෙනිදා දක්වා අයදුම්පත් කැදවීම නැවත දීර්ඝකර ඇති බවය.

    ඒ අනුව මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංිගම දුරකතන යෙදවුම වෙත පිවිස අදාල උපදෙස් හොදින් කියවා ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමුකළ යුතු බවය.

    රජයේ පාසල් සිසුන් විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබාදී ඇති පරිශීලන නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු බවත් පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ම අසාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍රය සම්පූර්ණ කල යුතු බවත් එහි දැක්වේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.