fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිල්කෝ ගොඩදැමූ හිටපු සභාපතිට තවත් අභියෝගයක්

    මිල්කෝ ගොඩදැමූ හිටපු සභාපතිට තවත් අභියෝගයක්

    මිල්කෝ සමාගමේ හිටපු සභාපතිවරයා වූ ලසන්ත වික්‍රමසිංහ මහතා ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස අද (21) දින පත් කර තිබේ.

    ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ ආයතනයේ සභාපති අධුරය භාර ගැනීමෙන් අනතුරුව, එම ආයතනය ලාබ ලබන තත්ත්වයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකි.

    එතෙක් වාර්ෂිකව රුපියල් මිලියන 2000ක පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනය වාර්ෂිකව මිලිියන 400ක ලාභයක් ලබන තැන දක්වා ඔහු වැඩිදියුණු කළේය.

    නව නිෂ්පාදන කිහිපයක් ම හඳුන්වා දෙමින්, ඔහු ආයතනයේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම සඳහා අගනා කළමනාකරණ මූල්‍ය උපායන් භාවිත කළ බවට ආර්ථික විශේෂඥයින් පවසා තිබුණි.

    කෙසේවෙතත්, ආයතනය ලාබ ලබන තත්ත්වයට ගෙන ආ සභාපතිවරයා හදිසියේ මාරු කිරීමට රජය තීරණය කර තිබු අතර ඊයේ (20) සවස මිල්කෝ ආයතනයේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා වෙත පිරිනැමිණි.

    ඉන් අනතුරුව ලසන්ත වික්‍රමසිංහ මහතා අද දින ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙසින් පත්කර ඇත.

    රජයේ හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය වෙනුවෙන් ලංකා පොහොර සමාගමට විශාල වගකීමක් පැවරී තිබේ.

    වෘත්තීය ඩිජිටල් අලෙවිකරණ උපදේශකවරයෙක්, මාර්ගගත අලෙවිකරණ, ඊ-වාණිජ සහ නවෝත්පාදන තාක්‍ෂණයට සම්බන්ධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයකු ද වන ලසන්ත වික්‍රමසිංහ මෙරට ප්‍රසිද්ධියක් උසුලන පෞද්ගලික ව්‍යාපාර රැසක ද නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධුර හොබවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.