තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගමක් සුණුවිසුණු කළ මාර්ග අනතුර

    ගමක් සුණුවිසුණු කළ මාර්ග අනතුර

    ඝානා රාජ්‍යයේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් යතුරු පැදියක ගැටීමෙන් ඇති වූ පිපුරමකින් කුඩා ගම්මානයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට වාර්තාවේ.

    ඝානා හී බටහිරට වන්නට පිහිටි රන් පතලකට අදාල ට්‍රක් රථයෙන් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති අතර පිපිරීමෙන් මේවන විට 17 දෙනෙකු මරණයට පත්ව ඇති බව එරට රජය සඳහන් කරයි.

    පුපිරීමේන් තුවාල ලැබූවන් සොයා සහන සේවකයින් මේවන විටත් සෝදිසි මෙහෙයුම් දියත්කර ඇති අතර තුවාල ලැබූවන්ගෙන් විශාල පිරිසක්ගේ තත්ත්වය දරුණු බවත් එරට රෝහල් ආරංචි මර්ග සඳහන් කරන බවත් වාර්තාවේ.
    එරට මාධ්‍ය වල ප්‍රචාරය කළ දර්ශන වලට අනුව ගොඩනැගිලි සිය ගණනක් සුණුවිසුණු වී ඇති බවට රොයිටර් පුවත්සේවය සඳහන් කරයි.

    ඝානා හී ජාතික ආපදා කළමනාකාරණ සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ප්‍රකාශ කර ඇත්තේ පිපිරීමෙන් ගොඩනැගිලි පන්සියකට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇතිබවයි.

    පිපිරීම සම්බන්ධයෙන් ඝානා රජය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img