තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට තෙල් නොදුන්නොත් ඉන්ධන බලාගාර වැසෙයි!

    හෙට තෙල් නොදුන්නොත් ඉන්ධන බලාගාර වැසෙයි!

    විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්දන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දැඩි අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වේ.

    විදුලි ජනනය සඳහා තවත් ඉන්ධන ඇත්තේ හෙට දිනයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවද එම ඉන්ධන තොගය අවසන් වූ පසුව ඉන්ධන බලාගාර වසා තැබීමට සිදුවනු ඇතැයි ද ලංවිම ප්‍රකාශකයෙක් පැවසීය.

    ඉන්ධන තොග මේ මස 22 දක්වා ලබාදීමට තෙල් සංස්ථාව එකඟතාවය පළ කළ ද මෙතෙක් ඉන්ධන තොග ලබා දී නැතැයි ද හෙට දිනයේ ඉන්ධන තොග නොලැබුණොත් ඉන්ධන බලාගාර වසා තැබීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය.

    එම සාකච්ඡාවේදී ඉන්ධන සපයා ගැනීමේ අර්බුදය විසඳා ගැනීමට අපේක්ෂා කරන බවද ලංවිම ප්‍රකාශකයා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img