තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැළණිතිස්ස හරි - දින කිහිපයකට විදුලි කප්පාදු නෑ

    කැළණිතිස්ස හරි – දින කිහිපයකට විදුලි කප්පාදු නෑ

    කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ නැවත ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    ඉන්ධන නොමැතිකම හේතුවෙන් ක්‍රියා විරහිතව තිබූ කැළණිතිස්ස බලාගාරයට අද පස්වරුවේ ඉන්ධන ලැබුණු හෙයින් එය නැවත ක්‍රියාත්මක කළ බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව විදුලිය කැපීම සීමාවීමට හෝ විදුලිය කැපීම නතරවීමට ඉඩතිබෙන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    කෙසේවෙතත් ඉදිරි දින කීපයක් සඳහා ප්‍රමාණවත් වන ඉන්ධන ලැබුණු අතර අඛණ්ඩව ඉන්ධන සැපයුමක් නොලැබුණ හොත් තවදුරටත් ඉදිරි දිනවලදී විදුලිය කපාහැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img