තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෞද්ගලික අංශයටත් 5000 ඉල්ලා රට පුරා විරෝධතා රැල්ලක්

    පෞද්ගලික අංශයටත් 5000 ඉල්ලා රට පුරා විරෝධතා රැල්ලක්

    පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් පන්දහසේ දීමනාව ලබාගැනීම සඳහා මේ මස 21 වැනි දින සිට විරෝධතා සංවිධානය කරන බව ලංකා වෘතීය සමිති සම්මේලනය සදහන් කරයි.

    ඒ අනුව මේ මස 21 වැනි දින විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට රට පුරා සියලු නගරවල කර්මාන්තශාලාවල සහ වැඩබිම්වල විරෝධතා සංවිධානය කරන බවද ලංකා වෘතීය සමිති සම්මේලනය සඳහන් කරයි.

    ඒ ඒ කර්මාන්තශාලාවල සහ වැඩ බිම් වල සිටින සේවකයින්ට සුදුසු වේලාවක් වෙන්කරගෙන එදින විරෝධතා පැවැත්විය හැකි බව ද වෙළඳ කලාප සහ පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් මහතා කොළඹදී අද පැවති සාකච්ඡාවක දී කීය.

    පෞද්ගලික අංශයටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාගැනීම සඳහා ගතයුතු ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කිරීමට සියලු වෘත්තිය සමිති මේ මස 19 වන දින කොළඹට රැස් වන බවද ඔහු කීවේය රාජ සේවකයින්ට පමණක් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අසාධාරණ හෙයින් පෞද්ගලික හා වතු අංශයේ සේවකයින්ටත් ඒ අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img