fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හරක් කටාගේ තවත් මත්කුඩු ඡාවාරමක් එළියට

    හරක් කටාගේ තවත් මත්කුඩු ඡාවාරමක් එළියට

    කුඩා වැල්ලෙන් ඉකුත් 18 වෙනිදා බහුදින යාත්‍රාවකින් මෙරටට රැගෙන පැමිණි මත්කුඩු කිලෝ 290 ක් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම මත්කුඩු තොගය කුඩා වැල්ලේදී බහුදින යාත්‍රාවෙන් භාරගත් ගෝනපීනුවල පදිංචි හෝටල් හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් දියත්කර තිබේ. එහිදී එම පුද්ගලයා නිවසේ පිටුපස දොරින් පළාගොස් ඇත. එම පුද්ගලයාගේ විවහා උත්සවය අදට යෙදී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව තංගල්ලේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සීනි මෝදර පදිංචි කරුවෙකි. ඔහු 32 හැවරදිය. ඉකුත් 18 වෙනිදා කුඩා වැල්ලෙන් හෙරොයින් කිලෝ 290 ක් ගොඩබෑ බව හෙළිවී ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. එම හෙරොයින් තොගය ‍කුඩාවැල්ලට රැගෙන පැමිණි බහුදින යාත්‍රාවේ නියමුවා ලෙස එදා කටයුතුකර ඇත්තේ එම පුද්ගලයාය. එම මත්කුඩු තොගය ගොඩබිමට රැගෙන ඒම වෙනුවෙන් ඔහුට ලද රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන ඇත. ඊට අමතරව ඔහු විසින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැකකරෙන ග්‍රෑම් 377 ක් බරැති රන් ආභරණ ද හෙරොයින් ග්‍රෑම් 10 ක්ද ජංගම දුරකතනයක්ද විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

    ගෝනපීනුවල පදිංචි හෝටල් හිමිකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත්තේ එම නියමුවාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදීය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ වැටලීමේදී ගෝනපීනුවල සැකකරු පළාගියද නිවසේ තිබී මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැකකරෙන රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක්, මත්කුඩු ජාවාරම මෙහෙයැවීම් සදහා යොදාගත් බවට සැකකරන චන්ද්‍රිකා තාක්ෂණ ජංගම දුරකතනයක් සහ ජංගම දුරකතනයක්, පිස්තෝලයක් සොයාගෙන ඇත. මෙහිදී එම නිවසේ සිටි සැකකරුගේ 60 හැවරදි පියාව මත්කුඩු ඡාවාරමට ආධාර හා අනුබලදීමේ චෝදනා මත විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් දෙදෙනාත් මුදල් සහ ගිනි අවිය ඇතුළු සොයාගත් දේපොල විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇත. මෙම මත්කුඩු ඡාවාරම පිටුපස සිටින්නේ ඩුබායි හී සැගව සිටින හරක් කටා නැමැති මත්කුඩු ජාවාරම්කරු බව මේ වන විට හඳුනාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.