තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ පිළිතුරු පත් II අදියරේ ඇගයීම් කළ ගුරුවරුන්ට වෙච්ච දේ..

    සාපෙළ පිළිතුරු පත් II අදියරේ ඇගයීම් කළ ගුරුවරුන්ට වෙච්ච දේ..

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ දෙවන අදියරෙහි පිළිතුරු පත් ඇගයීම් කළ ගුරුවරුන්ට දීමනා ගෙවා නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

    එම විභාගයේ දෙවන අදියර පිළිතුරු පත්‍ර ඇගයීම් කළ ප්‍රධාන පරීක්ෂකවරුන් නිරීක්ෂකවරුන්ට සංයුක්ත දීමනා, රැස්වීම් දීමනා, ගමන් වියදම් දීමනා සහ කොවිඩ් දීමනා ගෙවා නැතැයිද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

    එහෙත් පළමු අදියරේ ඇගයීම් කළ ගුරුවරුන්ට එම දීමනා ගෙවා ඇතැයි ඔහු කීය.

    එම නිසා දෙවන අදියරේ ඇගයීම් කළ ගුරුවරුන්ටද සංයුක්ත දීමනා කඩිනමින් ගෙවන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img