තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උතුරු කොරියාවෙ කිම් ජෝන්ට හිටි හැටියේම බඩ ගැන මතක් වෙයි

    උතුරු කොරියාවෙ කිම් ජෝන්ට හිටි හැටියේම බඩ ගැන මතක් වෙයි

    උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් සිය වසර දහයක පාලන කාලය තුල පළමුවරට සිය දේශනයේදී න්‍යෂ්ටික බලය පසෙකලා ආහාර සුරක්ෂිභාවය සහ සමාජ සුබ සාධයන පිළිබඳ අවදානය යොමුකර තිබේ.

    ඒ අනුව පසුගිය සතිය පුරාවට පැවති එරට කම්කරු පක්ෂයේ මධ්‍යම කමිටු රැස්වීමේදී කිම් ජෝන් උන් මේබව ප්‍රකාශ කර ඇත.

    උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කරන අන්දමට උන් විසින් 2022 වර්ෂයේදී ට්‍රැක්ටර් කර්මාන්ත ශාලා, පාසල් නිල ඇදුම් සහ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ විශේෂ අවදානයක් යොමුකරනු ලැබ තිබේ.

    ඒ අනුව නව වසරේදී තම මූලිකම අරමුණ උතුරු කොරියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

    මෙහිදී උන් උතුරු කොරියාවේ අභ්‍යන්තර අර්බුද විශේයෙන්ම මේවන විට එරට තුල කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථික ගැටලු පිළිබඳවද අවදානය යොමු කර ඇත.

    කෙසේවෙතත් මින් පෙර අවස්ථා මෙන් උග්‍ර ඇමරිකානු විරෝධී ප්‍රකාශ නොකිරීම පිළිබඳ බටහිර මාධ්‍ය වල විශේෂ අවදානයක් යොමුකර තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img