තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොහොර අර්බුධය විසඳෙන හැටි

    පොහොර අර්බුධය විසඳෙන හැටි

    ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසදෙනු ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ඇණවුම් කරන ලද රසායනික පොහොර මේ වනවිට ලැබී තිබෙන බවත් ඉදිරියේදි තවත් පොහොර ඇණවුම් කරන බවද ඔහු සඳහන් කළේය.

    බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි වැවිලි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ ඇතිවූ අර්බුදය මේ වනවිට තරමක් දුරට විසඳිලා. දැන් පෙහොර තිබෙනවා. නමුත් විශාල මුදලකට පොහොර අළවි කිරීම නිසා තවත් අර්බුදයක් ඇති වෙලා. මේ වනවිට වෙළඳපොලේ පොහොර මිල මිනිස්සුන්ට දරාගන්න බැහැ. ඒ නිසා කිසියම් සහනදායි ක්‍රමවේදයකට පොහොර ලබාදෙන්න කියලා අපිට ඉල්ලීම් ලැබෙනවා. ඒ අනුව මේ නිසා තේ දළු කිලෝ 100ට පොහොර කිලෝ 40ක් ලබාදෙන්න රජය තීරණය කර තිබෙනවා. එය දැනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

    මේ වනවිට ඇණවුම්කරන ලද රසායනික පොහොර ලැබිල තිබෙනවා. නමුත් වෙළඳුන් තමන්ට හිතෙන හි‌තෙන මිල ගනන් වලට පොහොර අළවි කරනවා. කොහොම වුනත් ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳේවි. පොහොර මිලත් අඩුවේවි. නමුත් මේ අන්තර් කාලයේදී මිනිසුන්ට යම් සහනයක් ලබාදිය යුතුයි. අමාත්‍යාංශය විදියට අපි දැන් මැදිහත් වෙන්නේ ඒ සඳහා යැයි අමාත්‍යවරයා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img